පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (1-9)
1.කලිසමෙ උස දණහිසට අගල් 1.5 ක් ඉහළින් විය යුතුයි.
2.බද පටිය අගල් 1.5 ක් පළල විය යුතුය.
3.ඉණ රැලි දෙක එක් පැත්තකට තිබිය යුතුය.
4.කලිසමෙ දෙපසට සාක්කු තිබිය යුතුය.
5.පිටුපස දකුණුපස සාක්කුවක් තිබිය යුතුය.

පිරිමි ළමුන් (10-13)
1.කලු සපත්තු හා කලු මෙස් පැළදිය යුතුය.
2.කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය.
3.රැවුල කැපිය යුතුය.කට් එක කන් ගැටය ළගම විය යුතුය.
4.කකුලෙ පෙල්ට් අවමය අගල් 15 ක් විය යුතුය.
5.ඉණ රැලි දෙක එක් පැත්තකට තිබිය යුතුය.
6.කලිසමෙ දෙපසට සාක්කු තිබිය යුතුය.
7.ඉණ ලූප් ඉවත් කල යුතුය.
8.බද පටිය අගල් 1.5 ක් පළල විය යුතුය.
9.මෙස් වැසෙන සෙ කලිසම් දිග විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)
ගැහැණු (වෙනත්)
1.කෙට කෙණ්ඩය පැත්තට පීරිය යුතුය.
2.දිග කෙණ්ඩය කරල් දෙකට ගොතා කලු රිබන් බැදිය යුතුය.
3.සුදු සපත්තු හා සුදු මෙස් පැළදිය යුතුය.
ගවුම( සියලුම ශ්‍රෙණි සදහා)
1.ගවුමෙ අතෙහි දිග උරහිස සිට වැලමිට දක්වා අැති දිගින් භාගයක් විය යුතුය.
2.ඉණ පටිය අගල් 1.5ක් පළල විය යුතුය.
3.ටයි පටියෙ පාසල් ලාංඡනය ගවුමෙ පටිය මත සිටින සෙ තිබිය යුතුය.
4.ගවුමෙ සාය මැද ප්‍රධාන රැල්ල හා දෙපසට රැලි තුන බැගින් සිටින සෙ තිබිය යුතුය.
5.දණින් සිටගත් පසු ගවුමෙ වාටිය බිම ගෑවෙන සෙ තිබිය යුතුය
6.ගවුමෙ අැග කෙටස දැඩිව අැගට හිර නෙවන සෙ තිබිය යුතුය.
7.නිවැරදිව සිටගත් විට ගවුමෙ හැට්ට උස වැළමිට දක්වා තිබිය යුතුය.
